පාට පාට මල් පිපුනු,
නෙක රැසින් එළිය වුනු,
දේදුනු පායන,
"සිහින ලෝකයක"
දෑස් පියාගෙන,
හිත් හෝදිසියෙන්,
සුවඳ සොයාගෙන,
ඇවිද යන්න ආසයි,
මට
ඔබ
එක්ක.
හෙට ඉරක් පායයි
අසීමිත තොරතුරු අවකාශයේ දිග හැරෙන අපගේ වදන් සිත්තම
Saturday, September 10, 2011
Friday, August 12, 2011
අමදයප
පුරා සඳ වත,
දෙස බලාගත් වනම,
සුරා සැල කවුන්ටරය ,
මතට වී.
මුදල් ගනිමින්,
බලා සිටියෙමි.........
දියාරු වූ,
මුග්දයන් දෙස.
වැනෙන- ගාටන,
වැටෙන -බඩගාන,
තලු මරන-කෙල හලන,
හකු අතර පොඩි වෙන,
අමු මස්
බලාසිටියෙමි...........
දුබල සිත් දෙස,
ඇසෙන සද,
ගන්ඨා නඳ.
Wednesday, August 10, 2011
පුවතක් (සිනා සිසී යන විට හිනැහී මල් හතයි)
අව්වට වැස්සට,
පෙර කල ගැනුනද,
හිසට සෙවන දී,
එදා...........
විච්චූරනයට,
කොමල පාන්නට,
සමර සරින් හද විල කලඹන්නට,
ලලිත ලතාවට,
කිට්ටුම හිතවතියයි,
ඇය.
Wednesday, August 3, 2011
ඉක්බිති
හෙට,
මල් නොපිපුනොත්,
නළ වියැකී ගියොත්,
දිය සසල නූනොත්,
සියොතුන් අවදි නූනොත්,
බිගුන් "ගුමු","ගුමු" නද නොදුන්නොත්,
අදුර සේදී නොගියහොත්,
හෙට ඉර නොපෑයූවොත්,
ඉක්බිති?
මල් නොපිපුනොත්,
නළ වියැකී ගියොත්,
දිය සසල නූනොත්,
සියොතුන් අවදි නූනොත්,
බිගුන් "ගුමු","ගුමු" නද නොදුන්නොත්,
අදුර සේදී නොගියහොත්,
හෙට ඉර නොපෑයූවොත්,
ඉක්බිති?
Friday, July 22, 2011
සැදෑ සක්මන
අඳුන් ගෑ,
නෙත්
පැහැය , රුව ,
වියැකී නො යත්දැයි?
සදෑ විය ඉගි බිගි පාද්දී.
නේක ස්වරයන්,
සුසර වූ,
රතැගිලි,
රැලි වැටී.
දෑත් රන් රසු සැලෙද්දී.
නේක සිතියම් රැගුම්
පෑ පා තඹර,
වෙව්ලා,
රසන්දම් නිහඩ වූ,
නිමේශයේ.
හුදෙකලා වූ,
ඈ...........
බිඳින,
වීණා තත්,
නරඹා සතුටු වන්නට,
"දනන්"
නැති රගහලේදී........
නෙත්
පැහැය , රුව ,
වියැකී නො යත්දැයි?
සදෑ විය ඉගි බිගි පාද්දී.
නේක ස්වරයන්,
සුසර වූ,
රතැගිලි,
රැලි වැටී.
දෑත් රන් රසු සැලෙද්දී.
නේක සිතියම් රැගුම්
පෑ පා තඹර,
වෙව්ලා,
රසන්දම් නිහඩ වූ,
නිමේශයේ.
හුදෙකලා වූ,
ඈ...........
බිඳින,
වීණා තත්,
නරඹා සතුටු වන්නට,
"දනන්"
නැති රගහලේදී........
Sunday, July 17, 2011
මන්දහාසිනී
"සිසිරයේ"
උපත ලද,
ළඳ බොළඳ ළදැරිය.
"සරත් කල"
කෙළිදෙලින්,
කවටකම් කළ මිතුරිය.
"වසන්තය"
උදා වූ සඳ,
පෙමෙන් හද පුරාලූ පෙම්වතිය.
"ගිම්හානයේ"
එලබරව
සෙනෙහෙ දෙන මියුලැසිය.
උපත ලද,
ළඳ බොළඳ ළදැරිය.
"සරත් කල"
කෙළිදෙලින්,
කවටකම් කළ මිතුරිය.
"වසන්තය"
උදා වූ සඳ,
පෙමෙන් හද පුරාලූ පෙම්වතිය.
"ගිම්හානයේ"
එලබරව
සෙනෙහෙ දෙන මියුලැසිය.
Tuesday, July 12, 2011
හදිස්සිය
මල් සුවද පලා ගොස් ඇත,
වසන්තය මියැදෙන්නට,
පෙර.........
සොමි බැස ගොසින් අඹරේ,
රාත්‍රිය නිදි කිරන්නට,
පෙර...........
"නැගණිය"
ඔබ නික්මුණා ඉක්මන් වැඩිය,
මල් සමය අතවනන්නට,
පෙර.
වසන්තය මියැදෙන්නට,
පෙර.........
සොමි බැස ගොසින් අඹරේ,
රාත්‍රිය නිදි කිරන්නට,
පෙර...........
"නැගණිය"
ඔබ නික්මුණා ඉක්මන් වැඩිය,
මල් සමය අතවනන්නට,
පෙර.
Monday, July 11, 2011
සින්ඩ්‍රොමය
ආදරය කටුගා,
සෙනේහය උකස් කොට,
ආශාව පෙරටු කොට,
විනෝදය තුරුලු කොට ගෙන,
ලංසුවට තියා,
"ජිවිතය"
දවා හලු කොට,
"මිනිසත් බව"
මොහොතකට වෙළී යන
ඒ............
(අ)සුන්දර වූ
වරදෙහි බැදෙන්නට
සෙනේහය උකස් කොට,
ආශාව පෙරටු කොට,
විනෝදය තුරුලු කොට ගෙන,
ලංසුවට තියා,
"ජිවිතය"
දවා හලු කොට,
"මිනිසත් බව"
මොහොතකට වෙළී යන
ඒ............
(අ)සුන්දර වූ
වරදෙහි බැදෙන්නට
Sunday, July 10, 2011
කතරක ගිය
මකා ගන රැස්,
රක්ත වර්ණය.
විහිදුවා ගගනත අදුර,
නයන කලු,
සොදුරු,
සිත්කලු
නුඹ............
මෙතෙක්,
"සෙනෙහෙ දිය"
නො ඉසුවේ,
කිම?
රක්ත වර්ණය.
විහිදුවා ගගනත අදුර,
නයන කලු,
සොදුරු,
සිත්කලු
නුඹ............
මෙතෙක්,
"සෙනෙහෙ දිය"
නො ඉසුවේ,
කිම?
Saturday, July 9, 2011
ඇගෙ කවිය
උදැසන,
අවදි වි,
කවුලුවෙන් බැලු සද,
දුටු නුවන්....
ම හද සොරාගත් සද,
හිරු නුබ ගැබින් බැස ගිය සද,
"සද"
අහස අරක් ගත් සද,
එනෙතුම දුටුවෙමි.
"ගාස්තුව"
ගෙවා රැදි සිටිනු,
දොරකඩ......
අවදි වි,
කවුලුවෙන් බැලු සද,
දුටු නුවන්....
ම හද සොරාගත් සද,
හිරු නුබ ගැබින් බැස ගිය සද,
"සද"
අහස අරක් ගත් සද,
එනෙතුම දුටුවෙමි.
"ගාස්තුව"
ගෙවා රැදි සිටිනු,
දොරකඩ......
Thursday, July 7, 2011
නෙතු අග.............
ඇගෙ නෙතු අග,
"වසන්තය "
පුබුදු වි අත වනයි.
ඔබහට.
වසන්ත ළහිරු රුස්,
උණුහුමයි, සුමුදුයි,
එ මද නල ...........
අත වනමින් ඔබහට.
ඉගි කරයි,
ළගම එන ,
"ගිම්හානය"
"වසන්තය "
පුබුදු වි අත වනයි.
ඔබහට.
වසන්ත ළහිරු රුස්,
උණුහුමයි, සුමුදුයි,
එ මද නල ...........
අත වනමින් ඔබහට.
ඉගි කරයි,
ළගම එන ,
"ගිම්හානය"
Subscribe to:
Posts (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
අව්වට වැස්සට, පෙර කල ගැනුනද, හිසට සෙවන දී, එදා........... විච්චූරනයට, කොමල පාන්නට, සමර සරින් හද විල කලඹන්නට, ලලිත ලතාවට, කිට්ටුම හිතවතියයි, ...